හිස තෙල් ගෑමේ පින්කම 2026  

සූර්යයා මුල් කොටගත් සංස්කෘතික උරුමය ලද, එහි උදව්වෙන් තම දිවිපැවත්ම ගත කරනා සීහ හෙළයෝ සංසාර අන්ධකාරය දුරලන බුද්ධ සූර්යාගේ වංශයෙන් පැවත එති. ඔවුන් සෑම වසරක ම සූර්ය මංගල්‍යයේ දී තම ප්‍රථම අස්වැන්න ශ්‍රි සම්බුද්ධ සාසනයට පූජා කරමින් අලුත් සහල් මංගල්‍යය පවත්වමින් හිරු දෙවියන්ට ද පුණ්‍යානුමෝදනා කිරීමට අමතක නොකළ ශ්‍රේෂ්ඨ ජාතියක් වන්නේ ය. වැඩිහිටියෙකුගේ ආශීර්වාදය තම හිස මුදුනින් දැරූ ඔවුන් සිංහල අලුත් අවුරුද්දේ දී හිස තෙල් ගෑමේ අලුත් අවුරුදු චාරිත්‍රයට සම්බන්ධ වන්නේ අතිමහත් ගෞරවයෙනි.

එලෙසින් ම මෙවරත් සීහෙළ අලුත් අවුරුද්ද ප්‍රමුඛ කරගෙන පැවතුණා වු හිස තෙල් ගෑමේ පින්කම පැරණි චාරිත්‍ර වාරිත්‍රවලට අනුකූල ව හිසට දිවුල් පත් ද, පයට ඉඹුල් පත් ද, දිවුල් පත් යුෂ මිශ්‍ර නානු හා අබ, තල, එඬරු, මී, කොහොඹ යන පංච තෙල් භාවිතා කරමින් දකුණු දිශාව බලා සිදු කෙරුණි. මෙම පින්කම 2026 අප්‍රේල් මස 15 වෙනි දින ජේතවනාරාම විහාරයේ දී ආර්ය මහා සංඝ රත්නයේත්, උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසගේත් සහභාගීත්වයෙන්, අති උත්කර්ශවත් අයුරින් සිදු විය. සංසාර ගමන අවසන් කරනු වස් ආර්ය මහා සංඝ රත්නයෙන් ආශීර්වාද ලබා ගත් ඒ මහා පින්කම දැක බලා ගෙන සියල්ලෝ ම මහා පුණ්‍ය ගංගාවන් රැස් කර ගනිත්වා! 

23
26
24
25
28
29
30
31
32

පුවත්

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

සසර කතර අතරමං ව සැනසීමක් සොයා වෙහෙසුණු දහස් ගණන් හිත්, එදා බුදුන් පාමුල උතුම් සුවය සොයා පැමිණියේ යම් සේ ද, එලෙසින්...

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

කප්රුක් පූජාව 2026

කප්රුක් පූජාව 2026

කල්පයක් ආරම්භයේ දි පහළ වන්නා වූ වෘක්ෂයක් ලෙසත්, සිතු පැතු සම්පත් ලබා දෙන්නා වූ වෘක්ෂයක් ලෙසත් ‘කල්ප වෘක්ෂය හෙවත්...

News & Alerts