පුනරුත්ථාපන කඳවුර සඟසතු කොට පූජා කිරීම  

තථාගත සාසන උරුමය සොයා පෙළගැසෙන විවිධාකාරී වූ හිත් පරපුරු අතර ආනන්ද, නන්ද, රාහුල මෙන්ම භද්දවග්ගිය කුමාරවරු ආදී රජ සිටු කුල වලින් ද පාරමිතා පූර්ණිත තරුණ පිරිස් එකල නොකැඩී නිරතුරුව ඇදී ආහ. ඒ අතර සෝපාක, සුනීත, අම්බපාලී සහ පටාචාරා ආදී සියලු කුළ මල වලින්ද, විවිධාකාරී වූ ක්ලේෂයන්ගෙන් දුර්වර්ණිතවූ සිත් පරපුරු ද එකලෙසම ඇදී ආහ. 

සියල් ප්‍රාණභූතීන් කෙරෙහි මෙත් සහගතව සිත් මෙහෙයවන ආර්ය ශාසනයක අපූර්වත්වය විහිදුවාලමින්, ඒ ඒ සිත් පෙළීමෙන් මුදවාලීමේ වැඩපිළිවෙලට එළඹීමට සියළුදෙනාට අවස්ථාව සලසා තිබුනි.

මෙවන් ආර්ය සසුනක මහිමය විදහාලමින් ජේතවනාරාම බොදු බිමෙහි ඉදිවූ මෙම සුවිසෙස් ආරාම සංකීර්ණය, ‘නෝබල් ෆ්‍රෙන්ඩ්ස් පුනරුත්ථාපන මධ්‍යස්ථානය’ නමින් මෙසේ සඟසතුකර පූජාකිරීම තුළින්, ශ්‍රී සම්බුදු සසුනක රැකවරණය ඔස්සේ, සත්‍යය නොදැනීම නිසාවෙන්ම නොමග ගිය දැයේ ප්‍රාණ වායුව වූ තරුණ පරපුර, මිදීමේ සහ නිවීමේ මගට යොමුකරවීමට මහත් පිටුවහලක් වනු නොඅනුමානය.

කරුණා නිධානවූත්, අසරණ සරණවූත්, අනාතනාතවූත්, අප මහ සුගත තථාගතයන්වහන්සේගේ සරණ සොයා මෙහි පැමිණ හික්මෙන්නාවූ තරුණ සිත්වලට බුදු ගුණයට අනුගතවීමට උපකාරවීමට මෙම භූමියෙහි පිහිටුවා ඇති සම්බුදු ප්‍රතිමාව නිරාවරණය කර සඟසතුකොට පූජා කිරීම මෙන්ම, දම් සිසිල පතුරවණ බෝධීන්වහන්සේගේ පැලයක් මෙම භූමියෙහි ම රෝපණය කිරීමත් මෙදිනම සිදුවූ වගයි.

නිවීම, මිදීම සහ සැනසීම සොයා මෙම ස්ථානයට පැමිණෙන උතුම් සිත් පරපුරකට, එවන් මඟ සෙවීමට ප්‍රත්‍ය පහසුකම් සපයමින් සහය වූ ඔබ සැමට ඒ හිත් සේම නිවනින් පිරී නිවී යාමට මං පෙත් උදාවේවා!

මෙසේ පියවරින් පියවර විමුක්තිය කරා එවන් හිත් ලඟා වීමේදී නැගෙන්නාවූ අප්‍රමාණ පුණ්‍ය ශක්තිය නිරතුරුව ඔබ සෑම සියළුදෙනාටම අනුමෝදන් වේවා!!!

13
1.2
1
2
3
4
6
7
9
11
10
12

පුවත්

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

සසර කතර අතරමං ව සැනසීමක් සොයා වෙහෙසුණු දහස් ගණන් හිත්, එදා බුදුන් පාමුල උතුම් සුවය සොයා පැමිණියේ යම් සේ ද, එලෙසින්...

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

කප්රුක් පූජාව 2026

කප්රුක් පූජාව 2026

කල්පයක් ආරම්භයේ දි පහළ වන්නා වූ වෘක්ෂයක් ලෙසත්, සිතු පැතු සම්පත් ලබා දෙන්නා වූ වෘක්ෂයක් ලෙසත් ‘කල්ප වෘක්ෂය හෙවත්...

News & Alerts