එක්සත් රාජධානියේ චාරිකාව 2025  

භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලෝකය තුළ බැබළෙන මෙවන් දුර්ලභ වූත්, උතුම් වූත් කාල වකවානුවක, ඒ උතුම් සම්බුදු මඟ යමින් නිවන් අවබෝධ කරගැනීමේ උතුම් අරමුණ පෙරදැරි කරගෙන කෙන්ට් (Kent) ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සැදැහැවත් පින්වතුන් විශාල පිරිසක් මෙම තෙදින භාවනා වැඩසටහන සඳහා ඒකරාශී වූහ.

දස සිල් සමාදන්ව සිටිමින් විවිධ පුණ්‍ය කර්මයන්හි නිරත වූ සහභාගී වූ පිරිස, නිවන් මඟට බාධාවන අකුසල ධර්මයන් දුරු කරගනිමින් විමුක්තිය කරා යන මාවතේ ඉදිරියටම යාමට අවශ්‍ය මග සකසා ගත්හ.

සම්බුදු ශාසනය නැවත වරක් බැබළෙන මෙවන් අසිරිමත් මොහොතක, ශාසනයේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් හා උත්සාහයෙන් යුතුව අපි සැවොම අත්වැල් බැඳගනිමු.

ලෝවැසි සියලු සත්වයෝ උතුම් වූ නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!

පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු රෙමි ලැම්බර්ට් (Rémi Lambert) මහතාගේ සංචාරය - 2026

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

2026 අප්‍රේල් 17 වැනි දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජේන් හොවෙල් මහත්මිය ඉංගිරිය ජේතවනාරාම බෞද්ධ ආරාමය වෙත...

News & Alerts