කප්රුක් පූජාව 2026  

කල්පයක් ආරම්භයේ දි පහළ වන්නා වූ වෘක්ෂයක් ලෙසත්, සිතු පැතු සම්පත් ලබා දෙන්නා වූ වෘක්ෂයක් ලෙසත් ‘කල්ප වෘක්ෂය හෙවත් කප්රුක’ සීහෙළ පැරන්නෝ සැලකූහ. ඒ උතුම් සීහ හෙළයන්ගේ එක ම අභිප්‍රාය වූයේ, උතුම් වූ නිවන සාක්ෂාත් කරගැනීම බව නො අනුමාන ය. තම ජීවිතය දෙවැනි කොට උතුම් නිවන සාක්ෂාත් කරගැනීමට වෙහෙස වන සිව්වනක් පිරිසට සිව්පසයෙන් අඩුවක් නොකොට ඇප උපස්ථාන කළ ඔවුන්ට පරනිම්මිත වසරවර්තිය මෙන් සිතු පැතු සම්පත් පහළ වීම සැකයට කරුණක් නොවන්නේ ය. කල්පය ගෙවි අවසන් වුවත්, එවන් මහා පින්කම්වල ආනිසංස අවසන් නොවන බව බුද්ධ දේශනාව වන්නේ ය. 

එවන් උතුම් සීහ හෙළ ගුණ ධර්ම නැවත ජීවමාන කරමින්, දහස් ගණනක් පින් ඇති මිනිසුන්ට තවත් තවත් පින් වපුරා ගැනීමට අවස්ථාව සලසා දෙමින්, ‘නිවන උදෙසා වෙර වීරිය වඩන පිරිස බාධාවකින් තොර ව උතුම් නිවන සාක්ෂාත් කරගනිත්වා!’ යන අරමුණ පෙර දැරි කොට ගෙන, සිව්වනක් පිරිසගේ සහභාගීත්වයෙන්, 2025 පෙබරවාරි මස 28 වැනි සෙනසුරාදා දින ජේතවනාරාම විහාරයට අයත් පුදබිමක සිදු කෙරෙන්නට යෙදුණා වූ කප්රුක් පූජාව පින් කැමති සියල්ලෝ ම දැක බලාගෙන, අනුමෝදන් වෙත්වා!

1
2
3
4
5
6
7
9
10.1
10
11
12

පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු රෙමි ලැම්බර්ට් (Rémi Lambert) මහතාගේ සංචාරය - 2026

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

2026 අප්‍රේල් 17 වැනි දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජේන් හොවෙල් මහත්මිය ඉංගිරිය ජේතවනාරාම බෞද්ධ ආරාමය වෙත...

News & Alerts